Tuesday, February 23, 2010

ආදර්ශමත් නායකයා

දැන් ඉතින් ඡන්දෙත් ලඟයිනෙ. ඡනාධිපතිතුමානම් කිව්වෙ එකම දිස්ත්‍රික්කයෙන් එකම පවුලෙ දෙන්නෙකුට නාම යොඡනා දෙන්නෙ නෑ කියලයි. එතුමා කලින්නම් කියල තිබ්බෙ රටක නායකයෙක් වුනාම තමන් ක්‍රියාවෙන්ම ආදර්ශමත් වෙන්ඩ ඔනෙ කියල. කියන දේ කරන කෙනෙක් වෙන්ඩ ඔනෙ කියල. එත් මෙන්න බොලේ චමල්, නාමල්, නිරූපමා කියන රාඡපක්ෂ පවුලේ බුරුත්තක්ම එකම දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉල්ලනවලු. සමහර විට එකම දිස්ත්‍රික්කයෙන් එකම පවුලෙ දෙන්නෙකුට නාම යොඡනා දෙන්නෙ නෑ කියන නීතිය රාඡපක්ෂ පවුලට අයිති නැතිව ඇති.

8 comments:

Chanaka Aruna Munasinghe said...

රාජපක්ෂ පවුල පවුලක් නොවේ.

Anonymous said...

හිටපු පා.ම. වරු මේ නීතියට අයිති නොවෙන බව කියංල තිබුනා. අනෙක චමල්. නාමල්. නිරෑපමා පවුල් 3 ක උදවිය නොවැ..

නිලන්ත පියසිරි said...

ලංකාවම එක පවුලක් නොවැ

Anonymous said...

දෙන්නෙකුට නාම යොජනා නොදුන්නට, තුන්දෙනෙකුට දෙන්නෙ නෑහෑ කියල නෑහෑනේ..

Anonymous said...

මේ කලවැද්දා තාම පවුල කියලා කියන දෙය හදුනන්නෙත් නෑ බ්ලොග් ලියන්න නැතුව සිංහල පංතියකට යන්න

KAS said...

යකෝ උඹ කියන විදිහට පවුල ගැන අර්ථ දැක්වීම ‍කලොත් අපි හැමෝම එක පවුලක් වෙයි. මේ කියන තුන්දෙනා පවුල් 3 ක අය.

Thejan said...

අනේ මන්දා ... උඹේ තියරිය ගොන්කමක්ද ගොන්කමට කියන තියරියක් ‍ද කියලා මටත් ප්‍රශ්නයක් ...

ඒත් කලවැද්දෝ ... ඉස්සෙල්ලා තේරුම් ගනින් (සතෙක් නිසා එහෙම කිව්වේ, අපේ ගෙදර ටෙඩියට කතා කරන්නෙත් එහෙමයි නේ...!) රාජපක්ෂ කෑල්ලක් නමේ අගට තියෙන හැම එකාම රාජපක්ෂ පවුල් ගහට දාන එක තමන්ගේ ගොන්කම ප්‍රදර්ශනය කිරීමක් බව ...

චමල් නාමල් එක පවුලක නෙවෙයි චමල් නිරුපමා සහෝදරයොත් නෙවෙයි ... මෙතන බලන්නේ න්‍යෂ්ටික පවුල මිසක් විස්තෘත පවුල නෙවෙයිනේ... එහෙම බැ‍ලුවොත් ලෝකේ කිසිම රටක 100% ක් පවුල් බලයෙන් තොර දේශපාලන නායකත්වයක් නෑනේ...

උඹ දන්නේ නැති වුණා‍ට කලවැ‍ද්දෝ ඔය එක එක නම් වලින් හිටියට UNP යෙත් තාම ඉන්නේ එකම පවුලක්. ඒ පවුලෙන් පිටට ගියේ ප්‍රේමදාස විතරයි. සේනානායක ජයවර්ධන කොතලාවල වික්‍රමසිංහ මේ සේරම එකම පවුලක්.

හොයාගන්න ඕන නම් ඉතිහාසය ටිකක් කියවලා බලාපන් හොඳ කලවැද්දා ‍වගේ ...

Anonymous said...

හා හා මතක නැද්ද. ලොක්කම කිව්වා.

රටේ නීතිය හැමෝටම පොදුයි. ජනාධිපතිට හැරෙන්න කියලා.

මේ දැන් ඇවිල්ලා බෙටි හලන අය කරන්නේ ඒ නීතිය උඹට මතක් කරලා දෙන එක. උඹට ඒකවත් තේරෙන්න නෑනේ.

ඔය තේජාන් එහෙම බලපන්. කාලයක් අර කාටද දීගෙන කඩේ ගියාලු. උන් මූට සුන්නද්දූලි වෙන්න දුන්නට පස්සේ ඌට ඒ ගැන තේරිලා.

මහින්දයා අපිට සුන්නද්දූලි වෙන්න දුන්නම තේරෙන්න තේජාන් ඉතුරු වෙයි ද දන්නේ නැහැ. හික් හික්.

Post a Comment