Wednesday, February 10, 2010

දැයට කිරුළ බලන්ඩ ගියෝ....


ඔන්න ඇඳිරි වැටී ගෙන එද්දි කලවැද්දත් පිටත් වුනා දැයට කිරුළ බලන්ඩ කියල. පාරෙත් මහ සෙනග. දැයට කිරුළ බලලා එන ගෑනු කෙනෙක් කිය කියා යනවා මදැයි බැලුව දැයට කිරුළක් කියල. එහෙම කිව්වෙ ඇයි කියලනම් දන්නනෙ නෑ. ඉතිං කලවැද්දත් බල්බ් එල්ලලා තියන පාර දිගේ දිගටම ගියා. ඔහොම ගිහිල්ලා යාන්තම් ඇතුලට රින්ගා ගත්ත. ඇතුල් වෙද්දිම තිබ්බෙ මහින්ද කරපු දේවල් වල පින්තූර ගොඩක්. එතනින් එලියට ආවට පස්සෙ තිබ්බ ගුවන් පාළමක්. ඒකෙනුත් පොර කාගෙන එගොඩ වුනා. හැම කුටියකම lcd tv දහයක් විතර. මුළු ප්‍රදර්ශණයේම lcd tv පනස් දාහක් විතර ඇති. බර ගානක් වියදම් වෙන්ඩ ඇති. සාමන්‍ය මිනිස්සුනගෙම සල්ලි තමා ඉතිං. මිනිස්සු වැඩි හරියක් ඉන්නේ කුටි වලට වඩා පාරේ. සමහර කුටි වල කවුරුවත් නෑ. ඊට පස්සෙ කලවැද්ද රින්ගුවෙ කිරුම් මිනුම දෙපාර්තමේන්තුවෙ කුටියට බර කිරා ගන්ඩ කියල. එකේ බරයි උසයි එකපාර මැනෙන උපකරණයක් තියනව. කලවැද්දට උසට හරියන බරක් තියනව කියල එතන හිටපු කෙනා කිව්ව. එතනින් පස්සෙ කාර්මික විද්‍යාලයේ කුටියට ගියා. එන්ඡිමක් වැඩ කරන හැටිත් බලා ගත්තා. ඔහොම යද්දි ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ කුටියටත් ගියා. එකෙ ඇතුලෙ එයාර් හොස්ටර්ලගෙ පින්තූරයි පරණ ප්ලේන් එකකින් ගලව ගත්ත සීට් දෙක තුනක් ඇරෙන්ඩ වෙන මුකුත් තිබ්බෙ නෑ. බලෙන්ම වගේ එයාර් හොස්ටර් කෙනෙක් ඉන්න පෝස්ටරයකුත් දුන්න. එකත් කිහිල්ලෙ ගහගෙන ඉස්සරහට යද්දි අ‍හසෙ මල් වෙඩි පත්තු කරනව. කවද දැක්ක මල් වෙඩිද කියල ඒකත් බැලුව. දිගටම යද්දි තියනව අධ්‍යාපන අමාත්‍යංශයෙ කුටිය. එක ඉස්සරහම ‍පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුටිය. අධ්‍යාපන අමාත්‍යංශය කියන්නෙ ප්‍රශ්ණ පත්‍තරත් එක්ක උත්තර පත්‍තරත් දෙන තැනක් හින්ද ඒකට යන්නෙ නැතුව ‍පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කුටියට ගියා. මෙන්න බොලේ එකේ ඉන්නව කලවැද්දෙක් පුළුන් පුරවල. මාවත් අල්ල‍ගෙන පුළුන් පුරවන්ඩ කලින් එතනින් පැන ගත්ත(හිහි..හී...). ඊට පස්සෙ ගියෙ හමුදවෙ කුටි වලට. එම් අයි 24 හෙලිකොප්ටරේකුත් තිබ්බ. හිතුවටත් වඩා ගොඩක් ලොකුයි ඒක. නැවක් අතුලෙනුත් ගියා. යුද්ධ ටැංකිත් අල්ලුවා. හැම තැනම ඇවිදලා ‍හොඳටෝම මහන්සි හින්දා ප්‍රදර්ශණ භූමියෙන් එලියට යද්දි මෙන්න ඡනප්‍රිය නළුවෙකුත් යනවා. එයත් එක්ක යන අනෙක් එක්කෙනා දැකලත් පුරුදුයි. බැලින්නං කලවැද්දත් එක්ක එක පන්තියෙ හිටපු කෙනෙක්. මිනිහත් දැන් නළුවෙක්ලු.මිනිහ චිත්‍රපටි දෙකකම ප්‍රධාන වරිතය රඟ පෑවලු. යන්තන් දැයට කිරුළෙන් එලියට පැන ගත්ත කලවැද්දා රුපියල් සීයට ගත්ත කොත්තු මී එකකුත් කකා අවිද්ද පය දහස් වටී කියල පයින්ම ගෙදර ගියා.

2 comments:

Buddhi said...

ඈත්තටම දැයට කිරුල වැඩක් නැද්ද බං?

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඕක බලන්න මමත් 9 වෙනිද ගියා.. ඇත්තටම මේපාර නම් දැයට කිරුල වැඩක් නැ..

Post a Comment