Tuesday, February 2, 2010

පියාඹන පීරිසිවත්ද?



ඔයගොල්ලො හිතුවෙ මේ පියාඹන පීරිසි කියලද.කලවැද්දත් මුලින් හිතුවෙ එහෙම තමයි.මේවා පියාඹන පීරිසි නම් නෙමෙයි.
මේවාට කියන්නෙ කාචාකාර වලාකුළු කියලයි.මේ දීප්තිමත් වලාකුළු බොහෝ වෙලාවට ඇතිවෙන්නෙ කදු නැත්නම් කදු පන්ති ආශ්‍රිතවයි.හැබැයි ගුවන් නියමුවොන් මේවට කැමතිම නෑ.මොකද මේ වලාකුළු අසලින් යාමේදී ගුවන් යානා වල කාර්මික දෝෂ ඇතිවෙන්න පුළුවන් හින්ද.හැබැයි ග්ලයිඩර් පදවන කස්ටියනම් කාචාකාර වලාකුළු අතරින් පියඹා යන්න හරිම ආසයිලු.
අපරාදේ කලවැද්දන්ට කොයින්ද ග්ලයිඩර්.(හිකිස්..)

0 comments:

Post a Comment