Saturday, January 30, 2010

2010 ඡනාධිපතිවරණය හා කාන්තාව.



2010 ඡනාධිපතිවරණයේ දී ලැබුණු ප්‍රතිඑලය අප කවුරැත් දන්නවනෙ. මහින්ද රාඡපක්ෂට 58% සරත් ෆොන්සේකාට 41% යි.ඒ කියන්නෙ මහින්ද රාඡපක්ෂ වැඩි ඡන්ද 18 ලක්ෂයකින් දිනලා. ඒත් ඡනාධිපතිවරණයට ඉස්සල්ලනම් බොහෝ දෙනා කිව්වෙ 50 ට50 සටනක් කියලනෙ.ඒ කියන්නෙ ඒ බොහෝ දෙනාට වැරදිලා නේද?

ශ්‍රී ලංකාවේ 52% විතර කාන්තාවන් ඉන්න බව ඒ බොහෝ දෙනාට අමතක වෙන්න ඇති.රඡයේ සේවයේද 60% විතර කාන්තාවන් ඉන්නවනෙ.කලවැද්දා මුලින් බෙහෝ දෙනා කිව්වේ පිරිමින්ට. ඡනාධිපතිවරණය ගැන තැන තැන කතාකරේ පිරිමි කට්ටියනේ. හැමෝම ඡනාධිපතිවරණය දිහා බැලුවේ පිරිමින්ගේ ඇහින් කියලයි කලවැද්දට නම් හිතෙන්නේ.කාන්තාවන්ගෙන් 75% ක් විතර මහින්ද රාඡපක්ෂ ට ඡන්දෙ දෙන්ඩ ඇති. මහින්ද රාඡපක්ෂ ලබාගත් ඡන්ද ලක්ෂ 60 න් ලක්ෂ 37 ක් විතර කාන්තා ඡන්ද කියලයි කලවැද්දට නම් හිතෙන්නේ. මොකෝ එ‍හෙම වුනේ?

මාධ්‍යයෙන් සරත් ෆෙන්සේකා ඉඩි අමීන් කෙනෙකු කලා,හමුදාවේ ඉද්දි යකෙක් වගේ හිටියයි කිව්ව, කාන්තාවන් සරත් ෆොන්සේකාට ඡන්දය නොදෙන්න ඒවා බලපාන්න ඇති.සින්දු කියන නීලා වික්‍රමසිංහ දවසක් මාධ්‍යට කිව්වෙ මෙහෙම කතාවක් “මට නම් ෆොන්සේකා දිහා බලන්ටත් බයයි. හරියට රාක්ෂයෙක් වගෙයි. ඒ උනාට අ‍පේ ඡනාධිපතිතුමාගෙ මුහුණ කොච්චර පින්පාටද”

මේකෙන් පෙන්නේ මේ පාර ඡනාධිපතිවරණයේදී කාන්තාවන් බුද්ධිමත්ව හිතල ඡන්දය දීල නැති පාටයි.අනාගතයේදී වත් ශ්‍රී ලංකාවේ කාන්තාව පටු සිතුවිලිවල ඉන්නේ නැතුව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරයි කියල කලවැද්දා හිතනව.

1 comments:

Anonymous said...

කෙළෙහිගුණයක් නැති කලවැද්දා :-)

Post a Comment