Friday, January 29, 2010

වයිරස් ගාඩ් එකක් නැතුව වයිරසයක් ඉවත් කිරීම.

මුලින්ම ctrl+alt+dill press කරල Task Manager open කරන්න. Processes tab එකට යන්න.එකේ CPU තීරයේ යම් කිසි Image Name එකක් ඉදිරියෙන් පෙන්වන අගය ඉතා වැඩිනම් හෝ එම අගය නිතර වෙනස් වනවානම් එය වයිරසයක් කියල හිතන්න පුළුවන්.

අපි වයිරසය උදාහරණයක් විදිහට ABC.EXE කියල හිතමු. ඒක End Process කරන්න.

සමහර වයිරස් හින්දා Task Manager disable වෙනව.ඒකට PrcView කියන software එක google search එකක් දාලා download කරගන්න.එයින් Task Manager වලින් කරන දෙයම කල හැකියි.එහි පින්තූරයක් පහත තියනව.


දැන් ABC.EXE එක පරිඝනකයෙන් search කර ඉවත් කර ගත යුතුයි. එයට Everything කියන software එක google search එකක් දාලා download කරගන්න.ඉන්පසු Everything මගින් ABC.EXE එක පරිඝනකයෙන් ඉවත් කරන්න. එහි පින්තූරයක් පහත තියනව.

ඉන්පසු Start--- Run වෙත ගොස් regedit ලෙස ටයිප් කර Registry Editor වෙත යන්න. සමහර වයිරස් නිසා Registry Editor ද disable වෙනවා. ඒකට RRT tool කියන software එක google search එකක් දාලා download කරගන්න.එයින් වයිරස් නිසා පරිඝනකයේ දැනට disable වි ඇති option check box මගින් පෙන්වනව.ඒවා Remove button එක මගින් Enable කරගන්න.එහි පින්තූරයක් පහත තියනව.


දැන් Registry Editor එකට ගොස් ctrl+F ගසා‍ ABC.EXE search කර delete කරන්න.


දැන් වයිරසය සම්පූර්ණයෙන් පරිඝනකයෙන් ඉවත්වෙලා.සතුටුයි නේද!

1 comments:

Anonymous said...

karalama balamu.

Post a Comment