Friday, February 5, 2010

ඩෙංගු..ඩෙංගු....



2010 ඡනවාරි මාසයේ 2009 ඡනවාරි මාසයට වඩා ඩෙංගු මරණ 100% කින් වැඩි වෙලා ලු.ඒ කියන්නේ ඩෙංගු මර්දනයට රඡයෙන් නිසි පියවර ඇරන් නැති හැඩයි.‍මදුරුවන් බෝ නොවන ‍විදිහට තමුන්ගේ ප්‍රදේශයේ තත්වය නිරීක්ෂණය කරන එක මහඡන ‍සෞඛ්‍යය පරීක්ෂකගේ වගකීමක්.ඒත් ඉතිං කලවැද්දා ඉන්න පැත්තට පත් කරල ඉන්න මහඡන ‍සෞඛ්‍යය පරීක්ෂක නම් කවදාක්වත් දැකලා නෑ (හිකිස්..).ගමේ මිනිස්සු තියා ග්‍රාම සේවකගෙන් ඇවුහමත් කියනව මහඡන ‍සෞඛ්‍යය පරීක්ෂක කවුද කියල දන්නේ නෑ කියල. ගිය දවස් වල ඩෙංගු මර්ධනයට කියුබානු බැක්ටීරියාවක් ගේනව කියල කතාවක් තිබ්බනේ.ඒකත් දැන් යට ගැහිල. මදුරු කොයිල් කාරයො බලපෑම් කරනවද දන්නෙත් නෑ.ලඟදි ඩෙංගු වලින් මියගිය ළමයකුගේ පියෙක් නම් කිව්වේ ප්‍රතිකාර කරන්නට ඉස්පිරිතාලයට ගියත් එහි ඩෙංගු වලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බෙහෙත් ඉස්පිරිතාලයේ නොතිබුණ හින්ද බෙහෙත් පිටින් ගන්නට වූ බවත් ඒ ප්‍රමාදය හින්දා ළමයා මිය ගියා කියලයි.ඉතින් ලඟදි දවසක නිමල් සිරිපාල නම් කිව්වේ මෙහෙම කතාවක්.ලංකාවෙ 40% ක් ඉන්නෙ මොළේ හොඳ නැති කට්ටියලු.ඒ කට්ටියට ලඟදිම අළුත් මොළ බද්ධ කිරීමේ වැඩ පිළිවලක් සෞඛ්‍යය අමාත්‍යංශයෙන් කරනවලු.ඒ වගේ සංකිර්ණ සැත්කම් හඳුන්වා දෙනවට වඩා නිසි විදිහට ඩෙංගු මර්දනයට වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරල ඉස්පිරිතාල වලට අවශ්‍යය බෙහෙත් ටික සැපයුවනම් හොඳයි නේද.



2 comments:

H said...

:D True

Anonymous said...

Dengu is a very essential thing for Subha Anagatayakata.

Post a Comment