Sunday, May 2, 2010

එක් ළමයෙකු වෙනුවට ළමයි තුන් දෙනෙකු ගැන හිතු අම්මා.

කාට කාටත් ළමය ගඟට විසි කරපු අම්මව මතක ඇතිනෙ.දැන් ඒ අම්මගෙ අනෙක් ළමයි තුන් දෙනාව පවුලකින් බාර ගෙනලු. ඒ ළමයින්ට ආධාර කරන්න රාඡ්‍යය නොවන සංවිධාන රැසකිනුත් ඉදිරිපත් වෙලා. මොන අරමුණකින් ගඟට විසි කරා වුනත් කාලයක් දුකින් හිටපු ඒ අම්මටනම් දැන් සතුටු ඇති. මොකද අඳුරැ වෙන්න නියමිත වෙලා තිබුණු ඒ අම්මගෙ අනෙක් ළමයි තුන් දෙනාගේ ඡිවිත එළිය වෙලා. ඉතින් ඒ ළමයෙක් ගඟට විසි කරපු අම්ම කෙනෙක් විදිහට හිත්නනෙ නැතිව ළමයි තුන් දෙනෙකුගේ අනාගතය අලෝකමත් කරපු අම්ම කෙනෙක් විදිහට හිතුවොත් ගොඩාක් හොඳයි නේද.

2 comments:

පබලු said...

Ane mata nam behe ehema hithanna..thamange kusin vadapu lamayata gagakata danna tharam napuru venna puluvan nam ara anith lamai thundenata vasa deela marana eka ara ammata maha deyak da ? anith lamai thundenage pera pinakata rajya novana sanvidana ahari pihita una..eka vena kathavak..eth ara ammata nam samavak neh.... :-o

``` Outsider``` said...

මේක පළවෙනි අවස්ථාව නෙවෙයි. දරුවන්ගෙ කුසගින්නෙ වේදනාව දරාගන්න බැරිව අම්මල කී දෙනෙක් තම දරුවන්ව මරල තමන්වත් මැරුණු අවස්ථා කොයි තරම් වුණාද? කොහොමත් අම්ම කෙ‍නෙක්ට දරුවෙක් කුසගින්නෙ මැරෙනව බලන් ඉන්න බෑ. ඒ අවස්ථාවට පත්නොවී දරිද්‍රදාතාවයේ ශාපය තේරුම් ගන්න බෑ ‍කාටවත්.
අනෙක බඩගින්නෙ මැරුණත් උදව් කරන්න බැරි තත්වෙකට සාමාන්‍ය ජනතාව අසරණ වෙලා කුහක දේශපාලනය නැත්තටම නැති කරල ඔවුන් හිඟන්නන් බවට පත් කරල. ඒත් තුන්වේල කුස පිරෙන කාසිය භාගෙන් අඩුවක් නැති අයට සමාජ පරිශෝධකයො විදියට පෙනී ඉන්නව. ගොඩ ඉන්න අයට ග‍ඟේ ගහගෙන යන එකාට මෙ‍හෙම කරපන් ‍මෙහෙම කරපන් කියන්න පුඵවන්. ඒත් සැඩ පහරට අහුවුණු එකායි දන්නෙ ගොඩඑන්න බැරි මාරාන්තික අවදානමත් වේදනාවත්. ජාතියේ ආඩම්බරකාර තාත්තල තමන්ගෙ දරුවන්ට විතරක් හැමදාම ලෝකයක් ගොඩනගනව.

Post a Comment